Thursday, May 9, 2024

General line - 0115112241

ලොව සුපිරි තරුව ලයනල් මෙසී පාපන්දු පිටියට සමුදීමට සැරසෙයි




ලෝක ප්‍රකට ආර්ජන්ටියානු පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු පාපන්දු දිවියට සමුදීමට සූදානම් වනවා.

විදෙස් මාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවර පාපන්දු ලෝක කුසලානය අනිවාර්යයෙන්ම ඔහුගේ අවසන් ලෝක කුසලානය වන බවයි.

මෙවර පාපන්දු ලෝක කුසලානය ඉතා තරගකාරී එකක් වන බවත් ප්‍රියතම කණ්ඩායම සෑම විටම ජයග්‍රහණය කරනවා යැයි කිව නොහැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුවක් වන 35 වන වියේ පසුවන ලයනල් මෙසීගේ ඉවත්ව යාම මෙවර පාපන්දු ලෝක කුසලානය දෙස බොහෝ පිරිසක් අවධානය යොමු කිරීමට හේතුවක් වනු ඇති. ඔහු ලෝක කුසලානයක් සදහා මෙවර තරග වදින්නේ පස්වන වතාවටයි. 

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නොවැම්බර් 20 වෙනිදා සිට දෙසැම්බර් 18 වනදා දක්වා කටාර් හීදී පැවැත්වීමට නියමිතයි. A සිට H දක්වා කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 32ක් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වැදීමට සූදානම්.

අරාබි රාජ්‍යයේ පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ලෙස ද මෙය විශේෂ වනවා.