Thursday, May 9, 2024

General line - 0115112241

ආසියානු කුසලානය : ශ්‍රී ලංකාව සහ මැලේසියානු පිල අතර තරගය අදයි




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම සමගයි.

බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දෙරට අතර පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගය උදෑසන 08 යි 30 ට ආරම්භ වනවා.

ආසියානු කුසලාන කාන්තා 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේවනවිට තරග 03 කට සහභාගී වී ඉන් තරග 02 ක් ජය ගෙන තිබෙනවා. එම තරගාවලියේ තරග 04 කට මේවනවිට ක්‍රීඩාකර ඇති මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේවනතෙක් කිසිඳු තරගයක් ජයග්‍රහණ කර නැහැ.   

මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගය ලකුණු 13 කින් ජය ගැනීමට පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 137 ක් රැස් කළා. පන්දුවාර 19 යි පන්දු 04 ක් අවසානයේ සියලුදෙනා දැවී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණයි.