Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද තරග බිමේ




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.

බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් පෙරවරු 8යි 30ට තරගය ආරම්භ වනවා. 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මේවනවිට තරග 4ක් ක්‍රිඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග තුනක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

එම තරගාවලිය යටතේ මේවනවිට තරග 4කට මුහුණ දුන් සත්කාරක බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයගෙන ඇත්තේ ඉන් තරග දෙකක් පමණයි.