Thursday, May 2, 2024

General line - 0115112241

ආසියානු කුසලාන අවසන් මහ තරගයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් පිල සුදුසුකම් ලබයි




ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුවා. ඒ පාකිස්ථාන කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 122ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 123 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන පිලට පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකා පිල සහ ඉන්දියාව තරග වැදීමට නියමිතව ඇත.