Thursday, May 2, 2024

General line - 0115112241

T20 පිටියේ අඩුවෙන්ම වෙනස්කම් සිදුකළ කණ්ඩායම් අතරට ශ්‍රී ලංකා පිලත් එක්වෙයි




වසරක කාලයක් තුළ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ අඩුවෙන්ම වෙනස්කම් සිදුවූ ප්‍රධාන කණ්ඩායම් 04 අතරට ශ්‍රී ලංකාවද තේරී පත්වී තිබෙනවා. ඒ, ඉකුත් වසරේ පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිට මෙවර තරඟාවලිය දක්වා කාලය සසදා සිදුකළ දත්ත විශ්ලේෂණයකට අනුවයි.

ඊට ඇතුලත් රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දිය කොදෙව් හා ඇෆ්ගනිස්ථානයයි.

ඒ අනුව ඉකුත් වසරේ පැවති ලෝක කුසලානයට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් 05 දෙනෙකු මෙවර ක්‍රීඩා නොකරන අතර අලුතින් ක්‍රීඩකයින් 05 දෙනෙකු ඊට එක්වී තිබෙනවා. එලෙස ඉවත් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරායි.

ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ හා ප්‍රමෝද් මධුෂාන් අලුතින් කණ්ඩායමට එක්ව තිබෙනවා. 

අඩුවෙන්ම සංශෝධන සිදුවූ කණ්ඩායම වන්නේ නවසීලන්තයයි. ඔස්ටේ්‍රලියාවේ සහ දකුණු අප්‍රිකාවේද සංශෝධන සිදුව ඇත්තේ 04 බැඟින්. ඉකුත් වසරේ පැවති ලෝක කුසලානයට සහභාගීවූ ක්‍රීඩකයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් මෙවර ඉවත් කර ඇති කණ්ඩායම වන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. එම ක්‍රීඩකයින් සංඛ්‍යාව 12 ක්. ඒ වෙනුවට අලුත් ක්‍රීඩකයින් දස දෙනෙකු කණ්ඩායමට එක්ව තිබෙනවා.