Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක කුසලානය සඳහා 20 යි 20 ගැටුම අද ඇරඹේ - ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ජයසූරිය කතා කරයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී අද ආරම්භ වනවා. ඒ අනුව අද ආරම්භ වන්නේ සුදුසුකම් ලැබීමේ තරග වටයයි. 

එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර අද පැවැත්වෙනවා. දෙරට අතර මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ටයි. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ඉතා වැදගත් බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය නෙත් නිවුස් වෙත පැවසුවේ. 

පළමු පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2007 වසරේදී ආරම්භ වුණා. එම තරගාවලියේ ශූරතාවය දිනා ගනු ලැබුවේ ඉන්දියාවයි. 

ශ්‍රී ලංකාව 2014 වසරේදී පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් අතර 2009 සහ 2012 වසරවලදී එම තරගාවලියේ අනුශූරයන් බවට පත් වුණා. 

ඉකුත් වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්තය පැරදූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තා.