Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලට නැම්බියාව හමුවේ අනපේක්ෂිත පරාජයක් 




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට එක්වීම සඳහා වූ  තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 55කින් ජය ගැනීමට නැම්බියාව සමත් වුවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා. ජේ ෆ්‍රයිලින්ක් පන්දු 28 කදී ලකුණු 44 ක් රැස් කළා. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් ලකුණු 37 කට කඩුළු 02 යි. 

ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණයි.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුළු 04 ලකුණු 40 ක් තුළ දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 09 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 06 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 12 කටත් දැවී ගිය අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නැමීබියා පන්දු යවන්නන් සමත්වුණා. 

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක ලකුණු 29ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 20ක් රැස් කර ගනු ලැබුවා.