Tuesday, May 21, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙවේ සහ ස්කොට්ලන්තය අතර තරගය අද




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි. 

මෙය පළමු වටයේ බී කාණ්ඩයේ යටතේ පැවැත්වෙන පළමු තරගය වනවා.

දිවා රාත්‍රි තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හෝබාට්හිදීයි. මෙරට වේලාවෙන් උදෑසන 9.30 ට තරගය ආරම්භවීමට නියමිතයි.