Tuesday, May 21, 2024

General line - 0115112241

කොදෙව්වන්ටත් දරුණු පරාජයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 42ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින්.

කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 160ක් රැස් කලා. ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සි පන්දු 53කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 66ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 118ක් පමණයි. ජේසන් හෝල්ඩර් පන්දු 33කදී ලකුණු 38ක් රැස්කළා. පන්දු යැවීමේදී මාර්ක් වොට් ලකුණු 12කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.   

මේ අතර අද පැවති පළමු වටයේ අනෙක් තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 31කින් පරාජය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 174ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 143ක් පමණයි.