Tuesday, May 21, 2024

General line - 0115112241

තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ එක් වෙනසක් සිදු වන ලකුණු




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1යි 30ට එම තරගය ආරම්භ වීමට නියමිතයි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය තුළ රැදී සිටීමට නම් පළමු වටයේ ඉතිරිව ඇති තරග 2ම ජයගැනීම අනිවාර්ය වී තිබෙනවා. 

මේ අතර මෙම තරගාවලියේ  A කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් මේවනවිට පැවැත්වෙනවා. ඒ, නැමීබියාව සහ නෙදර්ලන්තය අතරයි.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුළු 6ක් දැවී ලකුණු 121ක් රැස්කළා. ඒ අනුව ලකුණු 122ක ඉලක්කයක් හඹා යන නෙදර්ලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 13යි පන්දු 5ක් අවසානයේ කඩුළු දෙකක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 92ක්.