Tuesday, May 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමුව පන්දුව අතට ගනී




20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තීරණාත්මක තරගය මේවනවිට පැවැත්වෙනවා. ඒ, ඕස්ට්‍රේලියාවේ ගීලෝන්හීදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුව රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝවේලාවකට පෙර පන්දුවාර 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටියා.  

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ, පළමු තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක වෙනුවට චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමයි.