Friday, May 17, 2024

General line - 0115112241

එක්සත් අරාබි එමීර් පන්දු යවන්නෙක් පළමු වරට කඩුලු ත්‍රිත්වයක් දවා ගනියි 




විස්සයි 20 තරග ඉතිහාසයේ පළමු වරට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පන්දු යවන ක්‍රීඩකයෙකු සමත් වුවා. කාර්තික් මයියප්පන් නම් වූ මෙම පා  දඟ පන්දු යවනනා ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන තරගයේදී එම දස්කම දැක්වීමට සමත් වුවා.

භානුක රාජපක්ෂ ලකුණු 5 කටත්, චරිත් අසලංක සහ නායක දසුන් ශානක ලකුණු ලබා ගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කාර්තික් මයියප්පන් සමත් වුවා.

ශ්‍රී ලංකාව මේ වන විට පන්දු වාර 15.4 කදී කඩුලු 6ක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටිනවා.