Tuesday, May 21, 2024

General line - 0115112241

T20 ලෝක කුසලානය : කොදෙව් පිලට අද තීරණාත්මක තරගයක්




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

බී කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හිදීයි.

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීම යටතේ මේවනවිට එක් තරගයකට ක්‍රීඩා කර ඇති සිම්බාබ්වේ කණ්ඩායම එම තරගයෙන් ජය ගනු ලැබුවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද මේවනවිට එක් තරගයකට ක්‍රීඩා කර ඇති අතර ඔවුන් එම තරගයෙන් පරාජයට පත්වුණා.