Tuesday, April 30, 2024

General line - 0115112241

අද සහ හෙට දිවයින පුරා වැසි




දිවයින පුරා වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සහ හෙට දෙදින පුරා දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මිලිමීටර් 100ට වැඩි තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලටද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත් විටින් විට හමන සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.