Tuesday, April 30, 2024

General line - 0115112241

නෙදර්ලන්තයට එරෙහි තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා කඩුළු දෙකක් බිද වැටෙයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේවනවිට පැවැත්වෙනවා. ඒ, ඕස්ටේ්‍රලියාවේ ගීලෝන්ග් ක්‍රිඩාංගණයේදීයි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද තරගයේදී ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 7කදී කඩුළු 2ක් දැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටියා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 14ක් රැස්කරගෙන සිටියදීයි. ඉන්පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා තමන් මුහුණදුන් පළමු පන්දුවේදීම දැවී ගියා.