Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට : පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්වෙයි 




නෙදර්ලන්තය සමග පැවති ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16කින් ජයග්‍රහණය කිරීමට සමත් වුවා. ඒ සමගම ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට එක්වීමට සුදුසුකම් සපුරා ගනු ලැබුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කර ගනු ලැබුවා. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් සහ චරිත් අසලංක ලකුණු 31ක් රැස් කර ගනු ලැබුවා. 

ලකුණු 163ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 146ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 28 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

මේ අතර අද සවස පැවැත්වෙන නැම්බියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ තීරණය අනුව ශ්‍රී ලංකා පිල සුපිරි 12 දෙනාගේ වටයේ දී තේරී පත්වන්නේ කුමන කාණ්ඩයට ද යන්න තීරණය කෙරෙනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් ඔහු අද පැවති තරගයේදී පන්දු රැකිම සඳහා පිටියට පැමිණ සිටියේ නැහැ.