Friday, May 17, 2024

General line - 0115112241

සුපිරි ජයක් සමග ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 තරග වදින වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, නෙදර්ලන්තයට එරෙහි තරගය ලකුණු 16කින් ජය ගැනීමත් සමගයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටය අවසන් කළේ ඔවුන් සිටි ඒ කාණ්ඩයේ පෙරමුණ ගනිමින්. එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම පළමු කාණ්ඩය යටතේ තරග වදිනු ඇති. එම කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය ඇතුළත්. 

නෙදර්ලන්තය සමග අද පැවති තීරණාත්මක තරගය ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6ක් දැවී ලකුණු 162ක් රැස් කළා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් හයේ පහර පහක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 79යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට රැස්කරගත හැකිවූයේ ලකුණු 146ක් පමණයි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 03ක් ද මහේෂ් තීක්ෂණ කඩුලු 02ක් ද දවාගත්තා. 

සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. පළමු තරගයේදී මුණගැසෙන්නේ බී කාණ්ඩයෙන් දෙවන ස්ථානයට පත්වන කණ්ඩායමයි. එම කණ්ඩායම කවුරුන්දැයි හෙට තීරණය වනු ඇති.