Tuesday, May 21, 2024

General line - 0115112241

ආබාධයට ලක් වූ පැතුම් ගැන විශේෂ ආරංචියක්




ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ආබාධය එතරම් බරපතල නොවන බව අනාවරණ වී තිබෙනවා. ඒ, ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් අද සිදුකළ ස්කෑන් පරීක්ෂණයෙන් පසුවයි.

අද පැවති ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගයේදී පන්දුවට පහරදීමෙන් පසු පැතුම් නිස්සංක පන්දු රැකීමට ක්‍රිඩා පිටියට පිවිසියේ නැහැ. ඔහුගේ ආබාධය එතරම් බරපතල නොවන බැවින් පැතුම් නිස්සංකට සුපිරි 12 දෙනාගේ වටයට එක්වීමට හැකි බවයි ක්‍රිඩා වාර්තා පැවසුවේ. 

ඉකුත් තරගයේදී ආබාධයට ලක් වූ ප්‍රමෝද් මධුශාන්ගේ තත්ත්වය ද බරපතල නොවන බවට වාර්තා වනවා. ඒ අනුව ඔහුටද සුපිරි 12 දෙනාගේ වටයට සහභාගී වීමට හැකිවනු ඇති. ආබාධ තත්ත්වය හේතුවෙන් ප්‍රමෝද් මධුශාන් අද තරගයට ද ක්‍රීඩා කළේ නැහැ.