Thursday, May 2, 2024

General line - 0115112241

විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි




නොටන්බ්‍රිජ්  ජල විදුලි බලාගාර ජල පෝෂක  ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන්  දැමිමට පටන්ගෙන තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ද පිටාර මට්ටමට ඉතා ආසන්නවී ඇති බවයි නුවරඑළිය  දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ . 


එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරෙන්ද්‍ර , කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන්  සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළා.

මේ අතර, පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටී ඇති බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලිකිමත්ව රිය ධාවනය කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.