Saturday, May 4, 2024

General line - 0115112241

සුපිරි 12 හේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. 

ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. මීට පෙර පැවැති තරග කිහිපයේදීම ලකුණු අතර සිටි අයර්ලන්ත ක්‍රීඩකයින්ට අභියෝගයක් එල්ල කළ හැක්කේ දඟ පන්දු යවන්නන්ගෙන් පමණක් බව මෙරට වේග පන්දු පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෙකු ද වන අනූෂ සමරනායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග පිළිබද විශ්ලේෂණාත්මක සාකච්ඡා ඇතුළත් නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව හරහා විකාශය කෙරෙන  “ටොස් එකට කලින්” විශේෂාංගයට එක්වෙමින්. 

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව හමුවේ පරාජයට පත්වීම සම්බන්ධයෙන් ද අනූෂ සමරනායක මෙහිදී අදහස් පළ කළා. 

මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් ස්පෝර්ට්ස්මන් ෆේස්බුක් පිටුවේ ද ඇතුළත්.