Saturday, May 4, 2024

General line - 0115112241

කෝලි ගේ සුපිරි ඉනිම ඉන්දියාවට ජය ගෙන දෙයි 




විරාට් කෝලිගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පකිස්තානය සමග පැවති තරගයෙන් ඉන්දියාව කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට සමත් වුවා.

ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිල කඩුලු 6ක් පමණක් දැවී තරගය ජය ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.

ශාන් මසූඩ් පන්දු 42 කදී නොදැවී ලකුණු 52 යි. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඉෆ්ටිකාර් අහමඩ් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 02 ක් සමගින් වේගවත් ලකුණු 51 ක් රැස් කළා. පන්දු යැවීමේදී අර්ෂදීප් සිං සහ හර්දික් පාන්ඩයා කඩුළු 03 බැගින් දවා ගත්තා.

ලකුණු 160 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඉන්දීය පිලේ කඩුලු 4 ලකුණු 31කට දැවී ගියා. කෙසේ හෝ ඉන්දීය ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කර ගත් විරාට් කෝලි පන්දු 53කදී නොදැවී ලකුණු 82ක් රැස් කරමින් ඉන්දීය පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා. කෝලිට අනගි සහයක් ලබා දුන් හර්දික් පාන්ඩ්යා ලකුණු 40ක් රැස් කරගනු ලැබුවා.

ඕස්ට්‍රේලියාවේ MCG ක්‍රීඩාංගනයේ පැවති ඉන්දු - පාකිස්ථාන තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් 90,293ක් රැස්ව සිටියා.