Saturday, May 4, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ලකුණු 09ක ජයක් 




2022 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 09ක ජයග්‍රහණයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කර ගත්තා. 

බංග්ලාදේශ කණ්ඩායමේ හෆීෆ් හුසේන් ලකුණු 38ක් සහ නජ්මුල් ෂන්ටෝ ලකුණු 25ක් රැස්කර ගනු ලැබුවා.

ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුලදී සියලු දෙනා දැවී ලකුණු 135ක් රැස්කර ගනු ලැබුවා.