Saturday, May 4, 2024

General line - 0115112241

දික්වැල්ල, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවට




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඕස්ට්‍රේලියාව බලා පිටත් කර යැවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ආබාධවලට ලක්වීමෙන් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම හේතුවෙන්. ඒ අනුව වීසා ලබාගත් විගස ඔවුන් තිදෙනා අතිරේක ක්‍රීඩකයින් ලෙස ඕස්ටේ්‍රලියාව බලා යාමට නියමිතයි.

මේ අතර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ සුපිරි 12 වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

හෝබාර්ට් හී පැවැත්වෙන මෙම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ අතර තරගය පන්දුවාර 9කට සීමා වුණා. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 9 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 79 රැස්කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. වෙස්ලි මදිවේර් පන්දු 18කදී ලකුණු 35යි. ලුන්ගි නිග්ඩි ලකුණු 20කට කඩුළු 2ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 3කදී කිසිවෙකු නොදැවී ලකුණු 51ක් රැස් කළා. ඉන්පසුව යළිත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අතහැර දැමීමටයි තීරණය කළේ.