Tuesday, May 7, 2024

General line - 0115112241

හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිළ භාරගනී




ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය භාර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හෂාන් තිලකරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඒ අනුව හෂාන් තිලකරත්න වසර දෙකක කාලයක් සඳහා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගැනීමට නියමිතයි.