Tuesday, May 7, 2024

General line - 0115112241

එංගලන්තයට නොසිතු පරාජයක් - ශ්‍රී ලංකා පිල යළි දෙවන ස්ථානයට




ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 05ක ජයග්‍රහණයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුවයි. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබුවා.

ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු වාර 14.3 කදී කඩුලු 5ක් දැවී ලකුණු 105ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවා.

ඒ අනුව ඩක්වර්ත්- ලුවිස් න්‍යාය අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 05ක ජයග්‍රහණයක් හිමි වුවා.

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි ප්‍රථිපලය සමග ශ්‍රී ලංකා පිල නැවත වතාවක් එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව සිටිනවා.