Wednesday, May 8, 2024

General line - 0115112241

බිනුර ප්‍රනාන්දුටත් ලෝක කුසලානය අහිමි වෙයි




ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.
 
ඒ, ඊයේ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. ඒ අනුව බිනුර ප්‍රනාන්දු නැවත මෙරටට කැදවීමට තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.
 
මීට පෙරද ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ගියා.