Tuesday, May 7, 2024

General line - 0115112241

සුපිරි 12 දෙනාගේ වටයේ තරග 03ක් අද




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ බී කාණ්ඩයේ තරඟ තුනක් අද පැවැත්වෙනවා. ඉන් තරග දෙකක් පැවැත්වෙන්නේ සිඩ්නිහීදීයි.

මෙරට වේලාවෙන් පෙරවරු 8යි 30ට පළමු තරගය දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනු ඇති. අනෙක් තරගය පස්වරු 12යි 30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරයි.

පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගය පර්ත් හීදී පස්වරු 4යි 30ට ආරම්භ වීමට නියමිතයි.