Tuesday, May 7, 2024

General line - 0115112241

බංග්ලාදේශ පිලට අන්ත පරාජයක්




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ බී කාණ්ඩය යටතේ බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 104කින් ජය ගැනීමට මීට නොබෝ වේලාවකට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 205ක්.

රයිනි රූසෝ පන්දු 56කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 109ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් ඇතුළත් වුණා.

ජයග්‍රාහී ලකුණු 206ක ඉලක්කයක් කරා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

මේ අතර බී කාණ්ඩයේ තවත් තරග දෙකක් පස්වරු 12යි 30ට ආරම්භ වීමට නියමිතයි. ඒ, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරයි. පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරගය පර්ත් හීදී පස්වරු 4යි 30ට ආරම්භ වීමට නියමිතයි.