Wednesday, May 8, 2024

General line - 0115112241

අසිත ප්‍රනාන්දුට ICC අනුමැතිය




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයට අසිත ප්‍රනාන්දු නම් කිරීමට ICC තාක්ෂණ කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ආබාධයකට ලක්ව සිටින බිනුර ප්‍රනාන්දු වෙනුවටයි.

ශ්‍රී ලංකාව හා ඕස්ටේ්‍රලියාව අතර ඉකුත් දා පැවති තරගයේදී බිනුර ප්‍රනාන්දු පාදයේ ආබාධයකට ලක් වුණා. ඒ අනුව මේවනවිට ඔහු ශ්‍රී ලංකාවට කැදවා තිබෙනවා. සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය ලබන සෙනසුරාදා පස්වරු 1යි 30ට සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ බී කාණ්ඩය යටතේ බංග්ලාදේශය සමග අද පැවති තරගය ලකුණු 104කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

නෙදර්ලන්තය සමග පැවති තරගය ඉන්දියාව ජයගනු ලැබුවේ ලකුණු 56කින්.

සිම්බාබ්වේ සහ පකිස්ථාන කණ්ඩායම් අතර තරගය මේවනවිට පර්ත් හීදී පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130ක්. ජයග්‍රාහී ලකුණු 131ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්ථාන් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 5ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 23ක් රැස් කර සිටියා.