Saturday, May 18, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට වැස්ස හරස් වෙයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර තරඟය අද පැවැත්වෙනවා.

කෙසේවෙතත් තරඟ ආරම්භයට මේ වන විට බාධාවක් වී ඇත්තේ තරඟය පැවැත්වෙන මෙල්බර්න් ක්‍රීඩාගණයට දැඩි වර්ෂාපතනයක් පැවතීමයි.

ඒ අනුව තරඟයේ කාසිය වාසිය උරඟා බලන වේලාවවත් මේ වන තෙක් නිළ වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ. මෙවර තරඟාවලියේ අතිශය තීරණාත්මක තරඟයක් බවට පත්ව ඇති එංගලන්ත - ඕස්ට්‍රේලියා තරඟය අද පැවැත්වෙන්නේ ද මෙම ක්‍රීඩාංගණයේයී.