Wednesday, May 8, 2024

General line - 0115112241

හෙට කොළඹ විරෝධයට සහය දෙන බව විපක්ෂ නායක කියයි




මර්ධනයට එරෙහි වෘත්තීම සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අත්සන් තැබුවා. ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. එහිදී අදහස් දක්වමින් විපක්ෂප නායකවරයා කියා සිටියේ හෙට පැවැත්වෙන ඒකාබද්ධ පාගමනට සමගි ජනබලවේගය පූර්ණ සහය ලබාදෙන බවයි.

මේ අතර ජනතා අරගලයේ ඉදිරි පියවරක් ලෙස ආණ්ඩුවට එරෙහිව හෙට කොළඹදී පැවැත්වෙන විරෝධතාව සංවිධාන කර ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය පවසනවා. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ රාජ්‍ය ආයතන විකිණීමේ න්‍යාය පත්‍රය, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාපටිපාටියට එරෙහිව එම ඒකාබද්ධ විරෝධතාව සංවිධාන කර ඇති බවයි. 

සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ද මෙම ඒකාබද්ධ විරෝධතාවට එක්වන බවයි මෙහිදී

කොළඹදී හෙට පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මනූෂ නානායක්කාර පළ කළේ මෙවන් අදහසක්. 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ද අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.