Friday, May 17, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි විරෝධය කොළඹට - සංවිධායකයින්ට පැමිණි පිරිසෙන්ම විරෝධයක්




ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද පස්වරුවේ ඒකාබද්ධ විරෝධතා පාගමනක් පැවැත්වුණා. එය ආරම්භ වූයේ මරදානෙන්.

පිරිස මරදානේ සිට කොළඹ කොටුව දුම්රියපළ දක්වා පාගමනින් පැමිණිම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට එල්ල වූයේ දැඩි බලපෑමක්.

විරෝධතාකරුවන් කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමත් සමග ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. විරෝධතා පාගමන සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා අප සම්බන්ධ කරගත්තා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සප්නා කාවින්දි.

කෙසේවෙතත් දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබානොදෙන බවට පොලීසිය විසින් අද දැනුම්දීමක් සිදු කළා.