Saturday, April 20, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට ඕස්ට්‍රේලියාවේ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවනවා.

ධනුෂ්ක ගුණතිලකට ලිංගික අතවර චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් ඇප ඉල්ලා අද (7) සිඩ්නි අධිකරණය හමුවට වීඩියෝ තාක්ෂනය ඔස්සේ ඉදිරිපත් කෙරුණා.

අළු පැහැති ටීෂර්ට් එකකින් සැරසී සිටි ඔහුගේ දෑත් වලට මාංචු දමා තිබු අතර එහිදී 
සිය අනන්‍යතාව තහවුරු කිරීමට පමණක් ඔහු පෙනී සිට ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක විදේශිකයෙකු වීම සහ ඔහු ලබා දෙන ලිපිනයේ සිටින බවට සහතික විය නොහැකි බව මත අධිකරණය විසින් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් ඔහු රැදවුම්  මධ්‍යස්ථානයක රදවනු ලැබෙනු ඇති බව සඳහන්.