Friday, March 29, 2024

General line - 0115112241

ධනුෂ්ක ගැන කණගාටු වනවා - දසුන් ශානක කියයි 

ටී.කේ.ජී.කපිල




මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක අද දින උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ප්‍රකාශ කර සිටියා.

එසේම තමන් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව කනගාටු වන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉදිරි දින වල පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව ද නායක දසුන් ශානක පවසා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන 08.27 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා.

මේ අතර ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධනද ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මෙහිදී ඔහු සදහන් කළේ  ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතර සිටිය නමුත් අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි නොවීම ගැන තමන් කණගාටුවට පත්වන බවයි.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම අවශ්‍යම කරන තරගවලදී දක්ෂතා අතර නොසිටි බවද මහේල ජයවර්ධන මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.