ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපැතුම් රැසක් ලැබී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද එලෙස සුබපැතුම් එක්කල පිරිස අතර වනවා.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අපරාජිතව ජයග්‍රහණය කරනු ලැබීම සම්බන්ධයෙන් තම සුබ පැතුම් එක්කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට ඉතා හොඳ තරගාවලියක් නැරඹීමට ලැබීම පිළිබඳව ද තමන් සතුටට පත්වන බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා තම පණිවිඩය මගින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම රංගන හේරත්ට ද සුබ පැතුම් එක්කර තිබෙනවා.