Friday, December 27, 2024

General line - 0115112241

නත්තල් දින දෙකේ රථවාහන නීති කැඩූ රියදුරන් 16,000කට නීතිමය පියවර




අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7,950 දෙනෙකුට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා. 


ඒ අනුව ගතවූ දින දෙකේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 16,000කට පමණ එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පැවසුවේ.