Friday, January 10, 2025

General line - 0115112241

තීරණාත්මක ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩයමේ වෙනසක්




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව සිය 06වන ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව සමත්වුණා.

ඒ, වත්මන් ලෝක ශූර එංගලන්තය ලකුණු 100කින් පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවට කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 229 ක් පමණයි.

එය 2019න් පසුව ඉන්දියාව එක්දින පිටියේ රැස්කල අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර 2012න් පසු සිය මව්බිමේදී ඉන්දීය කණ්ඩායම රැස්කල අඩුම ලකුණු සංඛ්‍යාව ද වුණා.

ලකුණු 230ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තයේ සියලු දෙනා ලකුණු 129කට දැවී ගියා.

2009 වසරෙන් පසු එංගලන්ත කණ්ඩාමේ පළමු පිතිකරුවන් සිව්දෙනා පන්දුව කඩුල්ලේ වැදී හෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය පළමු අවස්ථාව මෙහිදී වාර්තා වීම කැපී පෙනෙන සිද්ධියක්.

එමෙන්ම මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම අංක 03 පිතිකරු ලකුණු නොලබා දැවී ගිය අතර ලෝක කුසලාන තරගයක අංක 03 පිතිකරුවන් දෙදෙනාම ලකුණු 0ට දැවී ගිය පලමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේදී ඉන්දියාවේ මොහොමඩ් සමී ලකුණු 22කට කඩුලු 04ක් බිද හෙලුවා.
මෙම තරගය පරාජයට පත්වුවද එංගලන්තයට සුපිරි කණ්ඩායම් 04 අතරට පිවිසීමට සුලු අවස්ථාවක් පවතිනවා.

එහිදී ශ්‍රී ලංකා හා නවසීලන්ත කණ්ඩායම් වල ප්‍රථිපලය දෙස බලා සිටීමට ද ඔවුන්ට සිදුවනු ඇති.

පවතින තත්ත්වය අනුව බොහෝ විට එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට නොහැකි වනු ඇති.

එමෙන්ම, එංගලන්තයේ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමේදී එල්ල වූ තවත් පීඩනයක් අඩු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගය ඇතුළුව සියලු තරග ජයගත හොත් ඔවුන්ට සුපිරි 04 වටයට පිවිසීමට වැඩි ඉඩක් විවර වන අතර ඉන්දීය තරගය හැර නවසීලන්ත, ඇෆ්ගනිස්ථාන් හා බංග්ලාදේශ තරග ජය ගත්තද ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා කරගත හැකි වනු ඇති.

ඒ සියල්ලම තීරණය වන ශ්‍රී ලංකා පිලේ තීරණාත්මක තරගය අද ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි. 
ශ්‍

රි ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අද තරඟය සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි. 


ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද දිනයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස එක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ශ්‍රි ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් වැඩිදුරටත් පැවසුවේ.