පසුගිය කාලසීමාව තුළ සිදුවූ පුරාවිද්‍යා අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් යළි විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරන බව පුරාවස්තු සුරැකීමේ සංවිධානය පවසනවා.
එහි සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් පැවසුවේ පසුගිය රජයන් සමයේ මෙම සිද්ධීන් පිළිබඳ අදාළ අංශ වෙත පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදු නොවූ බවයි.
මූල්‍ය වංචා සිද්ධීන් පිළිබඳව මෙන්ම පුරාවිද්‍යා අපරාධ සම්බන්ධයෙන්ද වත්මන් ආණ්ඩුව සොයා බලනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බවද පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.