Friday, January 10, 2025

General line - 0115112241

දිගින් දිගටම ආබාධවලට ලක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන විශේෂ අනාවරණයක්




ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය අද පස්වරු 2ට ආරම්භ කිරීමට නියමිතයි.

තරඟය දෙපිලටම තීරණාත්මක තරඟයක් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගතහොත් ලෝක කුසලාන බලාපොරොත්තු සහිතව ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට තරඟ 05ක් ක්‍රීඩා කරමින් තරඟ 02ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානයේ පසු වනවා.

එමෙන්ම, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද තරඟ 05ක් ක්‍රීඩා කරමින් තරඟ 02ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 07වන ස්ථානයේ පසු වනවා.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ළහිරු කුමාර වෙනුවට අද තරඟයට දුෂ්මන්ත චමීරට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනවා.

එමෙන්ම, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධ තත්ත්වයන්ට ලක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස්ගෙන් ප්‍රශ්න කළා. 


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආබාධ තත්ත්වයන්ට ලක්වන ක්‍රීඩකයින් නැවත ක්‍රීඩාවට එක් කර ගැනීමේ ක්‍රමවේදය කඩිනම් කළ යුතු බවයි.