Friday, January 10, 2025

General line - 0115112241

ICC විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවයි




ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනමට අදාළ කොන්දේසි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසනවාග අත්හිටුවිමේ කොන්දේසි නියමිත වේලාවට තීරණය කරනු ඇති බවයි ක්‍රිකට් කවුන්සලය පවසන්නේග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයෙකු ලෙස වගකීම් කඩකර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසනවා විශේෂයෙන් එහි කටයුතු ස්වාධිනව හා රජයේ මැදිහත් විමකින් තොරව කළමණාකරණය කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිවේදනය මඟින් අවධාරණය කර තිබෙනවා


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට ඊයේ රාත්‍රියේ තීරණය කළාග ඒල අන්තර්ජාලය ඔස්සේ රැස් වී ශ්‍රී ලංකා ක්‍රිකට් තත්ත්වය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකින් පසුවයිග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විශේෂ රැස්විමක් නොවැම්බර් 21වනදා පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකයි හදිසියේම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවිමට තිරණය කළේග ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගන්නා ඉදිරි තීරණය ලබන 21වනදා ගනු ඇති බව ක්‍රීඩා මාධ්‍ය පවසනවා.

එම මාද්‍ය වාර්තාවල දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිට මූල්‍ය කටයුතු දක්වා සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ කාරණාවලට පවා ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන මැදිහත්වීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කනස්සල්ලෙන් පසුවන බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටවූ පළමු අවස්ථාව මෙය වනවා මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටු පත් කර තිබුණද කිසිදු විටෙක ක්‍රිකට් අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබුණේ නැහැ.