Friday, January 10, 2025

General line - 0115112241

අමෙරිකාවේ ලැව් ගිනි නිසා 137,000ක් නිවෙස් අත්හැර යයි




අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන් 137,000ක් සිය නිවෙස් අත්හැර ගොස් තිබෙනවා. 

පැතිර යන ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා. 

මේවන විට එම ලැව් ගින්න පලිස්සෙයිඩ්, ඊටන්, සන්සෙට්, හර්ස්ට්, ලිඩියා යන ප්‍රදේශවල වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ. 

මේ හේතුවෙන් 2,000කට අධිකපිරිසකගේ නිවාස විනාශ වී ඇති බවද වාර්තා වනවා. 

කෙසේවෙතත් තම නිවෙස් වලට සිදු වුයේ කුමක්ද යන්න නිශ්චය කර ගත නොහැකිව තවත් පුදගලයන් 10,000ක් පමණ අවතැන් වී සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

අමෙරිකවට බලපා ඇති අධික සුළං සහ වියලි කාලගුණය හේතුවෙන් ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බවද සඳහන්. 

මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව ජනාධිපති  ජෝ බිඩෙන් විසින් සිය  ඉතාලි සංචාරයද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.