Friday, January 10, 2025

General line - 0115112241

ක්‍රිකට් තහනමක් තිබියදීත් ක්‍රීඩා ඇමතිගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් එකිනෙකාට චෝදනා




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා ඇති පසුබිමක් තුළ ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ සහ ක්‍රිකට් ආයතනය අද වෙන වෙනම මාධ්‍ය හමු කැදවා තිබුණා.

වත්මන් ක්‍රිකට් අර්බුදය සහ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් එහිදි පාර්ශව දෙක එකිනෙකාට චෝදනා එල්ල කරනු  ලැබුවා.

කෙසේවෙතත් ශ්‍රි ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනා කිරීමට අපේක්‍ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ කැදවූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතතනය කැදවූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පැවසුවේ අත්හිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය යළි ලබාගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන බවයි.


පවතින තත්ත්වය සිය ආරක්‍ෂාව වැඩි කරන්නැයි අමාත්‍ය ටිරාන් අලස්ගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ක්‍රීඩා අමාත්‍යවරයා සිය මාධ්‍ය හමුවේදී කියාසිටියා.


කෙසේවෙතත් ආරක්‍ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් අදහසක්.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් සදාචාරයක් නොමැතිව බලහත්කාරයෙන් තවදුරටත් තනතුරුවල රැදී සිටින බවටද ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කළා.


මේ ඊට ප්‍රතිචාර දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා.


ශ්‍රි ලංකා ක්‍රිකට් යලි නගා සිටුවිම සඳහා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා කැඳවු මාධ්‍ය හමුවේදි අදහස් පළ වුණා.