Wednesday, December 25, 2024

General line - 0115112241

පුද්ගලික අංශයට ගෙන්විය නොහැකි පෙත්තක් ජනතාව අතේ




පිළිකා රෝගීන්ට ලබාදෙන වේදනා නාශකයක් වයඹ පළාතේ ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමේ තත්ත්වයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ, වලාන දූෂණ මර්දන ඒකකය සහ ජාතික ඖෂධ  නියාමන අධිකාරිය එක්ව සිදුකළ වැටලීමකින් පසුවයි. අදාළ වේදනා නාශකය අළෙවි කිරීමට හෝ ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබාදී නැහැ.

එවැනි තත්ත්වයක් යටතේ එම වේදනා නාශකය ජනතාව අතරට පත්වූයේ කෙසේද යන්න ගැටලුවක් බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙන්නේ.

අදාළ වේදනා නාශකය අළෙවි කිරීම සඳහා දැනට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පමණයි. කෙසේවෙතත් මේ වනවිට මෙම වේදනා නාශකය හලාවත වෙරළ තීරය අවට ජනතාව අතර සීග‍්‍ර ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. වැඩිහිටියන් මෙන්ම පාසල් සිසුන්ද මෙම වේදනා නාශකය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන බවයි වාර්තා වුණේ.