Tuesday, January 7, 2025

General line - 0115112241

සිම්බාබ්වේ - ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අදයි




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වෙනවා.

තරඟ තුනකින් සමන්විත එම ක්‍රිකට් තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

එහි පළමු තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද රාත්‍රී 7 ටයි.

පසුගියදා දෙරට අතර පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේදී කඩුලු 7ක් දවාගත් වනිදු හසරංග අද තරඟයට එක්වන්නේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසයි.

ඒ පිළිබඳ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු වනිදු හසරංගගෙන් මෙලෙස විමසීමක් කළා.


නව වසරේ ලද පළමු ජයග්‍රහණය සහ පසුගිය එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද වනිදු හසරංග අදහස් පළ කළේ මෙලෙසයි. 


දෙරට අතර මේ දක්වා පවත්වා ඇති විස්සයි විස්ස තරඟ සංඛ්‍යාව තුනක්.

එම තරඟ තුනම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අවසන් වරට දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක් පවත්වා ඇත්තේ 2012 වසරේ සැප්තැම්බර් 18වනදායි.

ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

තරඟ තුනකින් සමන්විත දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය ජය ගනු ලැබුවේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ, තරඟ දෙකක් ජය ගනිමින්.

වර්ෂාව හේතුවෙන් එම තරඟාවලියේ පළමු තරඟය අතහැර දැමීමට සිදු වුණා.