ඉන්දීය සිනමා උළෙල 2025 ශ්‍රී ලංකාවේදී ආරම්භ වී තිබෙනවා.
මෙම ඉන්දීය සිනමා උළෙල - 2025, ජනවාරි 6 වන දින සිට ජනවාරි 10 දක්වා කොළඹ, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවර එළිය යන නගර ඇතුළු ශ්‍රී ලංකාව පුරා නගර රැසක ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කරනු ලබනවා
කොළඹ PVR සිනමා ශාලාවේ දී ප්‍රදර්ශනය කරන ලද අතිශය ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘83’ සිනමා පටයෙන් මෙම ඉන්දීය සිනමා උළෙල ආරම්භ විය
මෙම සිනමා උළෙල තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සමාරම්භ කරන ලදී.
ඉන්දියාවේ 1983 ඓතිහාසික ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය වටා ගෙතුණු මෙම චිත්‍රපටය නැරඹීම සඳහා එක් වූ සිය ගණනක් ප්‍රේක්ෂකයන් සමඟ 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයන් ද විශේෂ අමුත්තන් ලෙස සහභාගී වූහ.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් සුනිල් කුමාර ගමගේ අමාත්‍යතුමා විශේෂයෙන්ම ක්‍රීඩාව පිළිබඳ වන චිත්‍රපටවල දායකත්වය ඉස්මතු කරමින් ඉන්දීය සිනමා කර්මාන්තය අගය කළේය.
මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්තුමා සඳහන් කළේ දිවයින පුරා පැවැත්වෙන මෙම සිනමා උළෙල ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා වඩා ශක්තිමත් කිරීම සඳහා 2025 නව වසරේ ගන්නා පළමු මුලපිරීම් අතරින් එකක් බවයි.
ඌව පළාත් ආණ්ඩුකාර ජේ. එම්. කපිල ජයසේකර මහතා ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් ශ්‍රී හර්වින්දර් සිං මහතා විසින් පුස්තකාලයේදී භාරත් කෝනර් නමින් ඉන්දීය මධ්‍යස්ථානයක් ද විවෘත කරන ලදී.
ප්‍රදේශයේ ජනතාව සඳහා ආයුර්වේද වෛද්‍ය සායනයක් ද නොමිලේ පවත්වන ලදී.