මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම විවිධ අදහස් පළ වී තිබුණා.
ඇතැම් පිරිස් පෙන්වා දුන්නේ ඔහුට වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් විශේෂ පහසුකම් ලබාදී ඇති බවයි.
එවැනි වාර්තා පළ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගනු ලැබුවා.
දුමින්ද සිල්වාට එලෙස විශේෂ පහසුකම් ලබාදී නොමැති බවට සිදුකල සොයා බැලීම්වලදී අනාවරණ වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව ඔහුට විශේෂ පහසුකම් ලබාදී ඇති බවට ඇතැමුන් සිදුකරන චෝදනා ප්රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුන්වන වාට්ටුවේ සෙසු රැඳවියන් සමඟ රඳවා සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.