කැල්ටෙක්ස් හැවෝලයින් සමාගමේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
මෙරට ලිහිසි තෙල් කර්මාන්තය තුළ තවත් ඉදිරි පියවරක් තබමින් එක් ලිහිසි තෙල් මාරුවකින් කිලෝමීටර් දස දහසක ධාවන දුරක් සපුරාලීමට සමත් වූ මෙම ආයතනය තමන් එක් කර ගැනීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවයි මහේල ජයවර්ධන පැවසුවේ.