Wednesday, December 25, 2024

General line - 0115112241

“අලින්ට පෙරහැර බැරි නම් එළදෙනුන්ගෙන් කිරි ගන්නත් බැහැ”




ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හරහා සිදුවන බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් පිළිබඳ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (22) අනාවරණ කළා.

ඒ, කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි. එහිදී ස්වාමීන්වහන්සේ සඳහන් කලේ පෙරහැරවල් පැවැත්වීම සම්බන්ධයෙන් පවතින් අදහස් විකෘති කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ජත්‍යන්තර සහ මෙරට සිටින රාජ්‍ය නොවන සංවිධාන හරහා සිදු වෙන බවයි. එය එක් පැත්තකින් බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.

අලි ඇතුන් පෙරහැරේ යෑම හිංසාවක් යැයි පවසන පිරිස් වෙත සංවාදයකට එන්නැයි යනුවෙන්ද ස්වාමීන්වහන්සේ විවෘත ආරාධනාවක් සිදු කළා. මෙය හිංසාවක් නම් හරක් කරත්තයේ බැඳීම සහ එළදෙනුන්ගෙන් කිරි ගැනීමත් හිංසාවක් බවයි ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේ.