උදා වූ නත්තල සමරමින් දිවයිනේ ප්රදේශ රැසක මේ වන විටත් විවිධ සැමරුම් පැවැත්වෙනවා.
ඊයේ රාත්රියේ පැවති ප්රධාන දේව මෙහෙයන්ගෙන් අනතුරුව කැරොල් ගී ගායනා ඇතුළු විවිධ සැමරුම් සංවිධාන කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
දේවස්ථාන ආශ්රිතව අද උදෑසනද විවිධ දේව මෙහෙයන් පැවැත්වුණා.
කිතුනු ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්රදේශවල නත්තල් සැමරුම් පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. මේ, නෙත් නිවුස් පුත්තලම වාර්තාකරු ජූඩ් සමන්ත.
මේ, වත්තල සහ ජාඇල ආශ්රිත ප්රදේශවල නත්තල් සැමරුම පිළිබඳ වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු බෙනට් ෆර්ඩිනැන්ඩර්.
වතුකරයේද නත්තල් සැමරුම් ඉතා සාමකාමීව පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.
මේ, බදුල්ලේ සිට වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ප්රසන්න පද්මසිරි.
දකුණේ මෙන්ම උතුරේද නත්තල් සැමරුම් වෙනුවෙන් පැවතුනේ ඉහළ උද්යෝගයක්. මේ වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.
මේ අතර නත්තල් සැමරුම් වෙනුවෙන් විශේෂ ප්රවාහන සේවා අද දිනයේද ක්රියාත්මක වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.