ලංකා ප්රිමියර් ලීග් 2024 ක්රිකට් තරඟාවලියේ ක්රීඩක වෙන්දේසිය කොළඹදී මේවන විට පැවැත්වෙනවා.
මේ දක්වා අලෙවි වූ ක්රීඩකයන් අතරින් ඉහළම වටිනාකම හිමි වුණේ ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණටයි.
කළම්බෝ ස්ට්රයිකස් කණ්ඩායම විසින් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ 20,000ක මුදලකට මතීෂ පතිරණව සිය කණ්ඩායම සඳහා මිලදී ගනු ලැබුවා.
එය ශ්රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට අධිකයි.
එල් පී එල් ක්රීඩක වෙන්දේසියේ තවත් තොරතුරු නෙත් නිවුස් සවස ප්රධාන ප්රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.